ඊශ්‍රායලයට මෙරට ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවයි !

ඊශ්‍රායලයට මෙරට ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවයි !

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම් හමුවේ, ඊශ්‍රාලයට රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම   තාවකාලික ව අත්හිටුවීමට රජය තීරණය කළ බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (11) සඳහන් කළේය.

මේ අතර, දින 05ක් තිස්සේ පැවති ගාසා තීරයේ ගැටුම්වලින් මේ වනවිට දෙපාර්ශ්වයේම පුද්ගලයන් 2,200කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ස්වාධීන වාර්තා අනාවරණ කරන්නේ, ඊශ්‍රායල හමුදා ජාත්‍යන්තර යුද නීතිය උල්ලංඝනය කරමින් ගාසා තීරය වෙත ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.  

මේ අතර, ගාසා සීමාව ආසන්නයේ පිහිටි, පසුගියදා සෙනසුරාදා හමාස් ප්‍රහාරවලින් වැඩි හානියකට ලක්වූ අෂ්කලෝන් නගරයට නැවතත් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න