“අලුත් බදු එපා: බදු පැහැර හරින්නන්ගෙන් අය කර ගන්න” - ජනපති

“අලුත් බදු එපා: බදු පැහැර හරින්නන්ගෙන් අය කර ගන්න” - ජනපති

රජයේ ආදායම් ඉහළ දැමීම සඳහා මෙරට ජනතාවට නව බදු පැනවීමක් සිදුකළ නොහැකි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඔහු ඒ බව දැනුම් දී ඇත්තේ, රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අරමුණින් ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් සමග අද මුදල් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී ය.

ආදායම් උපයන දෙපාර්තමේන්තුවල ආදායම් ඉලක්ක සපුරා ගැනීම කඩිනම් කිරීම සඳහා එම සාකච්ඡාව පැවතිණි.

රාජ්‍ය අදායම ඉහළ නංවා ගත යුතු අතර අදායම් ඉලක්ක වෙත කඩිනමින් යා යුතු වුව ද, ජනතාවට නව බදු පැනවීමක් සිදුකළ නොහැකි බව ය.

පවතින ක්‍රමවේදය තුළ ආදායම් බදු නොගෙවන්නන්ගෙන් බදු අය කර ගත යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න