පොලිස්පති වික්‍රමරත්නට සේවා දිගුවක් !

පොලිස්පති වික්‍රමරත්නට සේවා දිගුවක් !

පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා සී. ඩී. වික්‍රරමරත්නට තවදුරටත් සති තුනක කාලයක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මේවනවිට විදේශ නිල සංචාරයක නිරතව සිටින නිසාත්, ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා හෙට දිනයේ චීනය වෙත යාමට නියමිත නිසාත් ඔවුන් යළි දිවයිනට පැමිණ නිශ්චිත තීන්දුවක් ගන්න තෙක්, මෙම තීන්දුව ගෙන ඇතැයි පැවසේ.

පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා සී. ඩී. වික්‍රරමරත්නට දෙවැනි වරට ලබා දී තිබු මාස 3ක කාලය ඔක්තෝම්බර් 09 දා අවසන් විය.

පසුගිය ජුනි මස 09 දින සිට බැලපැවැත්වෙන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සේවා දිගුව ලබා දී තිබුණි.

ශ්‍රි ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් 2020 නොවැම්බර් මස පත් වු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න පසුගිය මාර්තු මස 25 වැනි දින පොලිස්පති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට මාස 3 ක සේවා දිගුවක් ලබා දුන්නේය.

පළමු සේවා දිගුව අවසන් වීමෙන් පසුව දෙවන සේවා දිගුව ඉකුත් ජුනි මස 09 දින සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයක් සදහා ලබා දී තිබුණි.


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න