යාපනේ ජනපති මැදුර බදු දෙයි

යාපනේ ජනපති මැදුර බදු දෙයි

මහින්ද රාජපක්ෂ පාලන සමයේ (2010-2015) ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදුදීමට රජය තීරණය කර තිබේ.

මෙම මන්දිර පරිශ්‍රය කන්කසන්තුරේ අක්කර 29ක භූමි භාගයක පිහිටා තිබෙන අතර ඉන් අක්කර 12ක් තුළ ගොඩනැගිලි සංකීර්ණ පිහිටා ඇත.

ජනාධිපති මන්දිර පරිශ්‍රයේ ඉතිරි භූමි ප්‍රමාණය ප්‍රදේශයේ ජනතාවගෙන් පවරාගනු ලැබූ ඉඩම්වලින් සමන්විත වෙයි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම සම්පූර්ණ ඉඩම බදු දීමේ තීරණයට එළඹ තිබේ.

කන්කසන්තුරේ පිහිටි මෙම මන්දිර පරිශ්‍රයට අක්කර 29 ක භූමියක් අයත් වන අතර එයින් අක්කර 12ක ගොඩනැගිලි සංකීර්ණ පිහිටා තිබේ.

ඉතිරි ප්‍රමාණය ප්‍රදේශයේ ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉඩම් වන අතර රජයට අයත් අක්කර 12ක ප්‍රමාණය මුලින් SLIIT ආයතනයට බදු දීමට තීරණය කෙරිණි.

ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉතිරි අක්කර 17ක භූමි ප්‍රදේශය ද එම ජනතාවට ආදායමක් ලැබෙන පදනමක් මත SLIIT ආයතනයට බදු පදනමට ලබා දීමට තීරණය කෙරිණි.

දැනට මෙම ඉඩම නාවික හමුදා භාරයේ පවතින අතර අදාල බදු ගිවිසුම අත්සන් කළ පසුව එම පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය වෙත මුදා හැරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න