ජපන් - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් !

ජපන් - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් !

ජපාන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් මෙරට ඇති කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම  පැවසීය.

ඒ සඳහා බිංගිරිය හා ඉරණවිල යන ප්‍රදේශ තෝරාගෙන තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ඊයේ (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම  ‍මෙසේ ද පැවසීය.

මේ වන විට වරාය නගරය ආශ්‍රිත ඉදිකිරීම්වල ප්‍රගතියක් පෙනෙන්නට තිබෙනවා. වරාය නගරය තාවකාලිකව මහජනතාවටත් විවෘත කිරීමට පසුගිය සමයේ අප කටයුතු කළා.

තෙවැනි පාර්ශ්වීය ගිවිසුමක් යටතේ මෙම වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතින බව කිවයුතුයි. ඇමරිකානු ඩොලර් බිලියන 15ක් මේ සඳහා වෙන් කර තිබෙන අතර චයිනා හාබර් සමාගමෙන් සිදුකරන ඉදිකිරීම්වලින් 80%ක වැඩ කටයුතු දැනටමත් අවසන් කර තිබෙනවා.

වරාය නගරය තුළ ව්‍යපාරයක් කිරීමට අවශ්‍ය නීතිමය රාමුව මේ වන විට සකස් කර අවසන්. මෙහෙයුම් රෙගුලාසි කිහිපයක් සඳහා ද පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබෙන බව ද සඳහන් කළ යුතුයි.

මේ වන විටත් ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක පමණ ආයෝජන ලැබී තිබෙන නමුත් නීතිමය රාමුව සකස් කරන තුරු ඔවුන්ට බලා සිටීමට සිදු වුණා. ඒ අනුව ඉදිරියේ දී මෙම ආයෝජන ආරම්භ කිරීමට සැලසුම කර තිබෙනවා.

සම්පූර්ණ ව්‍යාපාර කටයුතු සඳහා අළෙවි කළ හැකි බිම් කොටස් ගණන 74ක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වනවා. එමෙන්ම පොදු කටයුතු සඳහා භාවිතා කරන බිම් කැබලි 44 ක් මෙහි තිබෙනවා. ඒ අනුව සම්පුර්ණ ඉඩම් කොටස් 118ක ආයෝජන මෙහි තිබෙනවා.

මීට අමතරව ජපන් - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු වෙමින් පවතිනවා. බිංගිරිය ප්‍රදේශය හා ඉරණවිල ආශ්‍රිතව මෙම ව්‍යාපෘතිය සිදු කිරීම රජයේ සැලසුමයි.

ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සභාව තුළ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් විශාල පිරිසක් සිටිනවා. ශ්‍රී ලංකාව තුළ නිදහස් වෙළෙඳ කලාප ඇති කිරීමට ඔවුන් කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට අප පියවර ගෙන තිබෙන බව ද සඳහන් කළයුතුයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න