කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය රිමාන්ඩ්

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය රිමාන්ඩ්

කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ, විදෙස් ගමන් තහනමකට ලක්ව සිටි සැකකරුවෙකුට රටින් පිටවීම සඳහා ආගමන විගමන පාලකවරයා වෙත අදාළ සැකකරුගේ විදෙස් ගමන් තහනම ඉවත් කළ බව පවසමින් ව්‍යාජ ලේඛන සැකසීමේ චෝදනාව මත ය.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අදාළ ලිපිය යතුරුලියනය කළ, නඩු ගොනු රඳවා තබන ස්ථානයේ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගෙන ඇතැයි සඳහන් ය.

ඒ අනුව ඇයව ඔක්තෝබර් 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න