අද රාත්‍රියේ ප්‍රබල අකුණු සමග තද වැසි ඇති වන බව කාලගුණයෙන් නිවේදනයක්

අද රාත්‍රියේ ප්‍රබල අකුණු සමග තද වැසි ඇති වන බව කාලගුණයෙන් නිවේදනයක්

අද පස්වරු 2.30 සිට අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට අනුව උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවත් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුර අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.a

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න