ඉන්දියාව සහ ලංකාව අතර මගී යාත්‍රා සේවය ඇරඹේ !

ඉන්දියාව සහ ලංකාව අතර මගී යාත්‍රා සේවය ඇරඹේ !

ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය හා ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ වරාය අතර මගී යාත්‍රා සේවාව අද (14) සිට ආරම්භ විය.

වරාය හා නාවික අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට නාගපට්ටිනම් වරායෙන් අද පෙරවරුවේ මගීන් 50 දෙනකු රැගෙන පිටත් වූ පළමු යාත්‍රාව දහවල් වන විට කන්කසන්තුරේ වරායට ළඟාවී තිබේ .

අනතුරුව පැය කීහිපයකට පසු මගින් 30 දෙනකු පමණ රැගත් යාත්‍රාව පස්වරු 2.00 ට පමණ කන්කසන්තුරේ වරායෙන් ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය වෙත පිටත්ව ගොස් තිබේ.

ඉන්දියාවේ රාජ්‍ය නැව් සමාගම මගින් සුඛෝපභෝගී යාත්‍රාවක් මේ සදහා යොදවා ඇති අතර එහි එකවර මගීන් 150 කට පමණ ගමන් කිරීමට හැකි බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉන්දියාවේ සිට කන්කසන්තුරේ වරාය වෙත ළගා වූ මගී යාත්‍රාව පිළිගැනීම වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් සිදු කෙරිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න