ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිකර්ම වැඩසටහන වෙනත් රටවලට වඩා වේගවත් - ඉන්දීය මුදල් අමාත්‍ය සීතාරාමන්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිකර්ම වැඩසටහන වෙනත් රටවලට වඩා වේගවත් - ඉන්දීය මුදල් අමාත්‍ය සීතාරාමන්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිකර්ම වැඩසටහන වෙනත් රටවල ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට සාපේක්ෂව ඉතා වේගයෙන් සිදුවන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් පවසයි.

ඇය මේ බව සඳහන් කර සිටියේ මොරොක්කෝවේ, මරකේෂ් හී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවැත්වු මාධ්‍ය හමුවක් අමතමින් ය.

එහිදී අදහස් දැක්වූ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්, මෙසේද සඳහන් කළාය.

"ශ්‍රී ලංකාව දුෂ්කරතාවයට මුහුණ දෙද්දි එය මැදි ආදායම් ලබන රටක්. නමුත් කොවිඩ් බලපෑම් සහ ඇතිවූ අස්ථාවරයන් හමුවේ එම තත්ත්වය පහතට වැටුණා. ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් බවට පත්වුණා. මැදි ආදායම් රටක් වූ ශ්‍රී ලංකාව මුහුණ පෑ අර්බුදය නිසා එය පොදු රාමුවක් තුළ විසඳාගත නොහැකි තත්ත්වයක් බවට පත්වුණා. ඒ නිසයි පොදු රාමුවක් තුළ මෙම අර්බුදය ආමන්ත්‍රණය කිරීමට සුදුසුකම් ලැබිය නොහැකි තත්ත්වයකට පත්වුණේ."

"මම සිතන්නේ අනෙක් බොහෝ ඒවාට සාපේක්ෂව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාව ලබාගන්න විසඳුම් ඉතා යහපත් මට්ටමක පවතිනවා වගේම ඉතා වේගවත්. මම අන් අයට එරෙහිව පොදු රාමුව ගැන තීන්දුවක් ලබාදෙන්නේ නැත. නමුත් පොදුවේ අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ තවත් බොහෝ ආයතනවල එම ක්‍රම්වේදය වේගවත් විය යුතු බවට පැවැසෙනවා. එහිදී ශ්‍රී ලංකාවේ යෝජනා වඩා වේගයෙන් සිදුවෙමින් පවතිනවා."

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හා ඉන්දීය සභාපතිත්වය හිමි ලෝක බැංකුව සමග ස්වෛරීත්ව ණය සම්බන්ධයෙන් ණයහිමි කමිටු පිහිටුවීමේදී, ශ්‍රී ලංකාවේ ණය අර්බුද ගැටලුව පිළිබඳව අප සාකච්ඡා කළා. ඒ වගේම එම තත්ත්වය ඉදිරි අනාගතයේ ඕනෑම රටක් සඳහා යොදාගත හැකි ආකාරයෙන් සැලකිල්ලට ගත යුතුයි. එම ක්‍රමවේදය මගින් ඉතා වේගවත් ලෙස විසඳුම් ලබාදෙමින් ක්‍රියාවට නැංවිය හැකි බවයි මම සිතන්නේ."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න