ඉන්ධන බෙදන්න ආයෙත් QR ගේනවද ? කංචන ප්‍රතිචාර දක්වයි !

ඉන්ධන බෙදන්න ආයෙත් QR ගේනවද ? කංචන ප්‍රතිචාර දක්වයි !

මෙරට තුල ඉන්ධන බෙදා හැරීම සඳහා නැවත QR ක්‍රමවේදය හෝ වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ කිසිදු සැලැස්මක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මාධ්‍ය වෙත අදහස දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ , පලස්තීනය සහ ඊශ්‍රායලය අතර මේ වන විට පවතින යුධමය තත්වය හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන අර්බුදයක් ඇතිවිය ඇති වේ යයි අනුමාන කර ආණ්ඩුව ඉන්ධන පරිභෝජනය සීමා කිරීමට ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. ක්‍රමවේදය නැවත ගෙන ඒමට සූදානම් වන වන බව ඇතැම් සමාජමාධ්‍ය තුළ සිදුකර තිබූ පළකිරීම් වලට ප්‍රතිචාර දක්වමිනි.

ආණ්ඩුව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව කිව්.ආර්. ක්‍රමවේදය නැවත ගෙන ඒම සඳහා කිසිදු සාකච්ඡාවක් හෝ මේ දක්වා කර නොමැති බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න