ජෙරම්ට නීතිය ඉදිරියේ විශේෂ සහන නෑ !

ජෙරම්ට නීතිය ඉදිරියේ විශේෂ සහන නෑ !

බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාස කල බව සඳහන් සිද්ධියේ සැකකරුවකු ලෙස නම්කර සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුට නීතිය ඉදිරියේ විශේෂ සහන සලසා දීමට හැකියාවක් නොමැති බව නීතිපතිවරයා අද (16) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම විසින් මේ දැනුම්දීම සිදුකළ අතර, ඒ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න