අහක යන මිසයිලයක්වත් ලංකාවට වැටෙනකල් පිරිසක් බලාගෙන ඉන්නවා - මනුෂ

 අහක යන මිසයිලයක්වත් ලංකාවට වැටෙනකල් පිරිසක් බලාගෙන ඉන්නවා - මනුෂ

ඊශ්‍රායල,පලස්තීන යුද්ධයෙන් ශ්‍රී ලංකා ආර්ථිකය වැටෙනතුරු පිරිසක් සතුටින් බලා සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

යුද්ධයේ බලපෑමත් සමඟ ලංකාවේ ආර්ථිකය කඩා වැටී ආණ්ඩුව කරගෙන යන්න බැරිවෙන තුරු අදාළ පාර්ශ්ව බලා සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා අහක යන මිසයිලයක් වැටී හෝ ආණ්ඩුව කුඩුපට්ටම් වීම ඔවුන්ගේ අභිලාසය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එවැනි පිරිසක් සිටින රටක දේශපාලන සාක්ෂරතාවය ඉහළ නොදමා රට ගොඩ ගන්නට නොහැකි බවද පෙන්වාදුන් අමාත්‍යවරයා එම අදහස් දක්වා සිටියේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ය.

රනිල් වික්‍රමසිංහට රට කරන්න බැරි වෙනවා නම් එය ඔවුන්ගේ ජයග්‍රහණය බව හිතෙන තරමට පහත් තත්වයට මේ කණ්ඩායමේ මානසිකත්වය ඇද වැටී තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න