පාර්ලිමේන්තු සේවිකාවකට ලිංගික හිංසන කළැයි විපක්ෂය විසින් නඟන චෝදනා තමා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත්, ඒ පිළිබඳ තමා වැරදිකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවත්, කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමිනි .
මෙම ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට යොමු කරන ලෙසද එය කමිටුවේ දී විභාග කරන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය .
එහිදී ඔහු වැඩිදුරටත් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ අදාළ චෝදනාව නැඟූ හේෂා විතානගේ මන්ත්‍රීවරයා වැරදිකරු වුවහොත් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
