ක්‍රිකට් තහනම නිසා ඩොලර් මිලියන 100ක් අහිමි වෙලා !

ක්‍රිකට් තහනම නිසා ඩොලර් මිලියන 100ක් අහිමි වෙලා !

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තහනම පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පවසයි.

19න් පහළ ලෝක කුසලාන සත්කාරකත්වය සහ 2024 ජූලි මසදී මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව අහිමිවීම තුළින් එම පාඩුව සිදුවෙන බවද ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව පැවසූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ද්විපාර්ශ්වික ක්‍රිකට් තරග සඳහා සහභාගීවිය හැකි නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි මෙරටදී පැවැත්වීමට නොහැකි බවද සඳහන් කළේය .

ඒ අනුව LPL ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට ද හැකියාව ඇති බවත් ඔහු පැවසීය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න