රීඩ් මාවතේ සියවස් සැමරුමේ සමරු මුද්දරය සාගලට

රීඩ් මාවතේ සියවස් සැමරුමේ සමරු මුද්දරය සාගලට

කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම විද්‍යාලයේ පැවති 79 වැනි වාර්ෂික Philex ප්‍රදර්ශනයට සමගාමීව සිදු කෙරිණි.

එම සියවස් සමරු මුද්දරය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර  විසින් සාගල රත්නායක වෙත පිළිගැන්වීය.

රාජකීය විද්‍යාලයේ මුද්දර සංගමය විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන The Royal Philatelist කෘතිය මුද්දර සංගමයේ සභාපති සනුක වනසිංහ සහ ලේකම් දේවීන් බාලසූරිය යන සිසුන් විසින් සාගල රත්නායක  වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

පූජ්‍ය ගවරගිරියේ පේමරතන හිමි, රාජකීය විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා, මුද්දර සංගමය භාර ආචාරිනී චමිලා බස්නායක යන මහත්ම මහත්මීන්, රාජකීය විද්‍යාලයේ උප විදුහල්පතිවරු, සහකාර විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය සහ මුද්දර සංගමයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20231124 WA0006

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න