රොෂාන්ගෙන් ගැලවූ වාරිමාර්ග පවිත්‍රාට - හරීන්ට ක්‍රීඩා හා යෞවන කටයුතු !

රොෂාන්ගෙන් ගැලවූ වාරිමාර්ග පවිත්‍රාට  - හරීන්ට ක්‍රීඩා හා යෞවන කටයුතු !

ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ ගේ ඉවත් කිරීමත් සමඟ පුරප්පාඩු වූ විෂය පථ සඳහා අමාත්‍යවරුන් පත්කර ඇත.

ඒ අනුව වාරිමාර්ග අමාත්‍ය ලෙස පවිත්‍රා වන්නිආරච්චි ද , ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ලෙස හරීන් ප්‍රනාන්දු ද අද (27) මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූහ.

ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ දිගින් දිගටම කැබිනට් සාමූහිකත්වය බිඳදමමින් රජය අපහසුතාවට පත්වෙන ආකාරයට හැසිරීම හේතුවෙන් අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කටයුතු කළේය .

IMG 20231127 WA0004

IMG 20231127 WA0005

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න