සෞදියේ ආර්ථික හා සැලසුම් අමාත්‍ය සහ ජනාධිපති අතර හමුවක් !

සෞදියේ ආර්ථික හා සැලසුම් අමාත්‍ය සහ ජනාධිපති අතර හමුවක් !

මෙරටට පැමිණ සිටින සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍ය ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් (Faisal F.Alibrahim) අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර විශේෂයෙන් ඇඟළුම් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර පවතින සබදතා වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බව සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍යවරයා පැවසීය.

එසේම කලාපය තුළ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට සෞදි අරාබි රජයේ අවධානය යොමුව ඇති බව ද පැවසූ ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් මහතා එහිදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමි වන බව නිරීක්ෂණය වී ඇති බව සඳහන් කළේය.

බටහිර ආසියාව ඇතුළු ආසියානු කලාපය තුළ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කලාපීය කටයුතු පිළිබඳවද අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළේය.

තවද සංචාරක සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර නවීකරණය කිරීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ පැහැදිළි කළ ජනාධිපතිවරයා එම ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳවද අමත්‍යවරයා දැනුවත් කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20231127 WA0008

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න