ජාතික රූපවාහිනීය සහ ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් කිරීමේ සූදානමක් !

ජාතික රූපවාහිනීය සහ ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් කිරීමේ සූදානමක් !

අඛණ්ඩව පාඩුපිට පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි .

අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ පසුගියදා පැවති ජනමාධ්‍ය අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේදී අදහස් දක්වමින් ය.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 28 ක පමණ පාඩුවක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 46 ක පමණ පාඩුවක්ද ලබා තිබෙන බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය .

මහ භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන තවදුරටත් ලබාදීමට අපහසු බව පෙන්වා දුන් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එම ආයතන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව ද සඳහන් කළේය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න