ලලිත් ගාමිණී ප්‍රේමදාස රණ්ඩුව ගැන ජේ.ආර් කියූ කතාවක් වජිර හෙළිකරයි !

ලලිත් ගාමිණී ප්‍රේමදාස රණ්ඩුව ගැන ජේ.ආර් කියූ කතාවක් වජිර හෙළිකරයි !

ලලිත්, ගාමිණී ,ප්‍රේමදාස රණ්ඩුව සමයේ එම තිදෙනාම ජීවිත වලින් වන්දි ගෙවා අවසන් වන බව ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන තමා සමඟ ඒ කාකාලයේ පැවසූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

දේශපාලනය කරනවා නම් කුලල් කාගන්නේ නැතිව ඉදිරියට යා යුතුව තිබෙන බවත් ලලිත් ඇතුලත්මුදලි මැරූ විට ඒ කාලේ ප්‍රේමදාස මහතාට ඇඟිල්ල දිගු කළ නමුත් ප්‍රේමදාස මහතා මෙන්ම ගාමිණී දිසානායක මැරුණු විට ඇඟිල්ල දිගු කරන්න කවුරුවත් නොසිටි බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

කුලල් කා ගත් සියලු දෙනා නැති වූ බවත් මේ සභාවේ ඉන්න අප කුලල් කා ගත්තොත් වාසිය ලැබෙන්නේ අපට නොව මුහුදෙන් පිට ඉන්න වෙනත් කණ්ඩායම් වලට බවද මන්ත්‍රීවරයා පැවසීය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න