දෙසැම්බර් 12 වනදා වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය මෙරටට ලැබෙනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සඳහන් කරයි.
එම මුදල ලැබීමත් සමග ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදෙනු ඇති බව විශ්වාස කළ හැකි බවද ඔහු පවසයි.
විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද ( 07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ විදේශ රටවලට වුවමනා ආකාරයට කටයුතු කිරීමට සූදානම් නැති බවත් තවත් පරම්පරාවක් බෙදුම්වාදයට ද තල්ලු කිරීම අනුමත නොකරන බවත්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
