දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබේ.
සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උපවගන්තියේ බලතල ප්‍රකාරව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම සංශෝධනය සිදුකර ඇත.
ඒ අනුව විදේශ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර වර්ගය යටතේ ඇති සුරාසල් පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබේ.
මේ අතර පරිශ්‍රය තුළ දී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය රහිත) පෙ.ව 10 සිට රාත්‍රී 11 දක්වා සහ පරිශ්‍රය තුළ දී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය සහිත) ස්ථාන පෙ.ව 10.00 සිට රාත්‍රී 12.00 දක්වා විවෘතව පවතී.
මීට අදාළ නිවේදනය පහත දැක්වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
