ජනවාරියේ විදුලි බිල සංශෝධනය වෙයි !

ජනවාරියේ විදුලි බිල සංශෝධනය වෙයි !

එළැඹෙන ජනවාරි මාසයේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.

එමෙන්ම නව විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මීළග සභාවාරය තෙක් ප්‍රමාද කරන බවද අමාත්‍යවරයා පවසයි .

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර සිටියේ අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින්ය .

ඒ අනුව ලබන 12 හෝ 13 යන දිනවල අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමක් සිදු නොකරන බව නව විදුලි බල පනත් කෙටුම්පත පිළිබඳ විවිධ පාර්ශ්ව සිදු කරන ප්‍රකාශවලට පිළිතුරු ලබා දෙමින් කංචන විජේසේකර අමාත්‍යවරයා අවධාරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න