ආණ්ඩුව IMF රූකඩයක් : ටිල්වින්ගෙන් චෝදනාවක් !

ආණ්ඩුව IMF රූකඩයක් :  ටිල්වින්ගෙන් චෝදනාවක් !

රට තුළ මතු වූ අර්බුදයේදී ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පැතූ නිසා දැන් එහි රූකඩයක් බවට පත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි .

අද වන විට ආණ්ඩුවේ වර්තමාන වියදම් පියවා ගැනීමට මුල්‍ය අරමුදල විසින් ලැබෙන මුදලින් නොගෙවන ලෙස දැනුම්දී තිබෙන බවත් ආණ්ඩුව වියදම් සොයා ගැනීමට ක්‍රමවේදයක් නැතිව බදු වැඩි කර ගැනීමට කටයුතු කර ඇති බවත් ඔහු පවසයි .

ආණ්ඩුව අදවන විට වැට් බද්ද 18% තෙක් ඉහළත් දැමීමෙන් ජනතාව තවත් අසීරු තාවයට පත්ව ඇති බවද ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කරයි.

මෙතෙක් කල් වැට් බද්ද අය නොකල භාණ්ඩ වර්ග අනූ හතකට අය කිරීමට කටයුතු කර ඇති බවත් ඒ හරහා ජනතාව විශාල වශයෙන් පීඩාවට ලක්ව ඇති බවත් සඳහන් කරන ඔහු වැඩිදුරටත් පවසන්නේ පවතින අර්බුදයෙන් රට ගොඩ දැමීමට තම පාලනයක් යටතේ හැකියාව ඇති බවයි .

එහෙත් ඒ කෙසේද යන්න නොපැවැත්වීමටත් ඔහු ප්‍රවේසම් වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න