රාජ්‍ය සේවයේ නිවාඩු අඩු වෙයි !

රාජ්‍ය සේවයේ නිවාඩු අඩු වෙයි !

රජයේ නිලධාරීන්ට දැනට වසරකට හිමිවී ඇති දින 45ක් වන නිවාඩු සංඛ්‍යාව 25 දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ සඳහා ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරන ලෙස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් විවෘත හා වගකිව යුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යෝජනා කර ඇත.

එහිදී අනියම් නිවාඩු දින 10ක් සහ විවේක නිවාඩු දින 15ක් ලෙස නිවාඩු සංශෝධනය කරන ලෙස ද යෝජනා ඉදිරිපත්වී තිබේ.

ඒ අනුව, විශ්‍රාම වැටුප් වියදම රාජ්‍ය වියදම මෙන් 11.4%ක් බව පෙන්වා දෙන විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා එම වියදම් කළමනාකරණය කරගැනීම සඳහා සමස්ත රාජ්‍ය අංශයම දායකවිය යුතු බවට ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ පවසා ඇති බව සඳහන්ය.

ඒ සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යෝජනා 45ක් ඉදිරිපත් කර ඇති බව විවෘත හා වගකිව යුතු රජයක් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහන් කළේය.

මෙහිදී විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් විශ්‍රාමික ප්‍රජාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් අපේක්ෂිත සහනයන් පිළිබඳව ද යෝජනා ඉදිරිපත් කර තිබේ.

පොලීසිය සහ යුද හමුදා රණවිරු සංගමය ඇතුළු කාරක සභාවේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත්කරන යෝජනා සම්බන්ධයෙන් ද විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී ඩයස් මහතා ආංශික අධීක්ෂණ පිළිබඳ කාරක සභාවට දැනුම්දී ඇති බව සඳහන්ය.

daderana.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න