මහනුවරින් කොරෝනා මරණයක් : කොරෝනා යළිත් හිස එසවීමේ අවදානමක් !

මහනුවරින් කොරෝනා මරණයක් : කොරෝනා යළිත් හිස එසවීමේ අවදානමක් !

මහනුවර ජාතික රෝහලෙන් කොරෝන මරණයක් වාර්තා වෙයි.

 ගම්පොල, උලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බව රෝහල් වාර්තා සදහන් කරයි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් එම පුද්ගලයා ඉකුත් දා ගම්පොල රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරුව ඔහුව මහනුවර රෝහල වෙත මාරු කර එවා ඇති අතර, එහිදී එම පුද්ගලයා මියගොස් ඇත.

අනතුරුව සිදුකරන ලද පරීක්ෂණවලදි අනාවරණ වී ඇත්තේ මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

එලෙස මියගිය පුද්ගලයාට දියවැඩියාව ඇතුළු රෝග කිහිපයක් තිබී ඇති බවත්, ඔහු නිව්මෝනියා තත්ත්වයෙන් පීඩා විඳ ඇති බවත් වෛද්‍යවරුන් පවසනව බව ද රෝහල් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න