ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි  අද (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

රෙක්ස් කොඩිප්පිලි  අභාවප්‍රාප්ත වන විට 85 වැනි වියේ පසු විය.

සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව අරුථයක් ගෙන දුන් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වන රෙක්ස් කොඩිප්පිලි චිත්‍රපට 150 කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායකවී ඇත.

ඒ මහතා ‘කතුරු මුවාත්’ චිත්‍රපටයේ රංඟනයෙන් සිනමාවට පැමිණියේය.

‘ලොකුම හිනාව’ චිත්‍රපටයේ ත්‍රාසජනක යතුරුපැදි ධාවනයක යෙදෙමින් ප්‍රේක්‍ෂක අවදානය දිනාගත් ඒ මහතා ‘මරුවා සමග වාසේ’ ‘සීමන් අප්පු’ සහ ‘සිහසුන’ ඇතුළු සිංහල සිනමාවේ වඩාත් ජනප්‍රිය වූ චිත්‍රපට රැසක් ද ඇතුළුව චිත්‍රපට 150 කට ආසන්න රංගනයෙන් දායක විය.

ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදී ඇති රෙක්ස් කොඩිප්පිලි  කෘතහස්ත රංගන ශිල්පියෙක් ලෙස ජනාදරයට පාත්‍රවිය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න