සති අන්තයේ විදුලි කප්පාදුව එපා : ඇමති දන්වයි !

සති අන්තයේ විදුලි කප්පාදුව එපා : ඇමති දන්වයි !

උත්සව සමය හේතුවෙන් ලබන සති අන්තයේ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙසත් හදිසි නොවන නඩත්තු කටයුතුවලට විදුලි විසන්ධි කිරීමෙන් වළකින ලෙසත් ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි .

විදුලි විසන්ධි කිරීම පිළිබඳ ජාත්‍යන්තර මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට පියවර ගතයුතු බවත් නඩත්තු කටයුතු බව පවසමින් නිරන්තරයෙන් විදුලිය විසන්ධි කරන්නේ යැයි ජනතාවගෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව අවදානය යොමු කළ බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

සති අන්තවල අනවශ්‍ය ලෙස කරන නඩත්තු කටයුතු හේතුවෙන් අතිකාල දීමනා සඳහා විශාල මුදලක් වැයකිරීමට සිදුව ඇති බව ද අමාත්‍ය කාංචන විජේසේකර වැඩි දුරටත් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න