හෙට සිරකරුවන් 1004 දෙනෙකුට නත්තල් සමාවක්

හෙට සිරකරුවන් 1004 දෙනෙකුට නත්තල් සමාවක්

නත්තල් දිනය නිමිත්තෙන් සිරකරුවන් 1,004 දෙනෙකුට ජනපති පොදු සමාව ලබාදීමට තීරණය කර තිබේ.

කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි රැඳවියන් 989 දෙනෙකු ඒ අතරට ඇතුළත් ය.

බන්ධනාගාර ගතව හෙට දිනට සිරදඩුවම් විදිමින් සිටින සිරකරුවන් හට ගතකරන ලද වසරකට හෝ ඉන් කොටසකට මාසයක සමාවක් ලැබීම, දඩ මුදල් නොගෙවීම මත හෙට දින වන විට සිර දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ඉතිරි කාලය අහෝසි කිරීම, නියමකර ඇති සිර දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් හෙට දිනය වන විට ගෙවා ඇති වයස අවුරුදු 65 ක් ඉක්මවා තිබීම සිරකරුවන්ට මෙම සමාව හිමිවන බවත් වසර 40 ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම කර ඇති හෙට දිනට එම දඩුවමින් වසර 20 ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඩුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීමෙන් ද සමාව හිමිවන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඊට අමතරව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් කර ඒ සඳහා (දඩ මුදල් නොගෙවීම මත නියමකර ඇති සිර දඬුවම්ද ඇතුලත්ව) පුනරුත්ථාපනයට යොමු කර ඇති සිකරුවන්ගේ නියමකර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති විට ප්‍රජා විශෝධන නිලධාරීයෙකුගේ අධීක්ෂණය යටතේ ගත කිරීමේ කාලය ආහෝසි කිරීමෙන් ද සමාව හිමිවන බව මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක  වැඩි දුරටත් පැවසීය.

ඒ අනුව දිවයිනේ සෑම බන්ධනාගාරයක් ම ආවරණය වන පරිදි පොදු සමාව ලබාදෙන රැඳවියන්ට හෙට නිදහස හිමිවනු ඇත.

එසේ නිදහස් කිරීමට නියමිත රැඳවියන් ගණන පහත පරිදි වේ.

pre

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න