Language Switcher

V2025

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි  අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙයි.

රෝගී තත්ත්වයෙන් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.

මිය යන විට ඔහු 76 වැනි වියේ පසුවිය

ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි හා හිතේ සතුට ජීවිතයේ වැනි ගීත වලින් සහෘද හදවත් දිනා ගැනීමට ඔහු සමත් විය