පොහොට්ටුවේ රජ රටින් සටන අරඹලා : හැබැයි ෂෙහාන්ව හළලා !

පොහොට්ටුවේ රජ රටින් සටන අරඹලා : හැබැයි ෂෙහාන්ව හළලා !

පොදුජන පෙරමුණේ මංගල ආසන සමුළුව පහුගිය 26 වෙනිදා අනුරාධපුර තලාව නගරයේදී පැවැත්වුණු නමුත් ඒ සඳහා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වෙත ආරාධනා කර නොමැති බව වාර්තා වෙයි.

” සටන අරඹමු රජ රටින් ” යන තේමාව යටතේ මෙම ආසන සමුළුව පවත්වනු ලැබුවේ පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙනි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වෙතින් විමසා ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ රැස්වීමේ සංවිධායකයන් තමන්ට ඒ සඳහා ආරාධනා නොකළ හෙයින් තමා ඊට සහභාගී නොවූ බවය.

අවමගුල් උත්සවයකට ආරාධනයක් නැතිව යා හැකි වුවත් රැස්වීමකට එසේ යා නොහැකි බව ද එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

මේ අතර සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට සහභාගී වූවත් ඔහු එහිදී කිසිඳු අදහස් දැක්වීමක් සිදුකර නොමැති වීමද විශේෂත්වයකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න