ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා ගැනීමට මෙම අවස්ථාවේ තීරණයක් ගෙන නොමැති බව නීතිපති අද (12) අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.
නිතිපති මේ පිළිබඳව අධිකරණයට දැනුම් දුන්නේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වා ගැනීමේ නි යෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විසින් ගොනු කරන ලද රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී ය.
නීතිපති වෙනුවෙන් අධිකරණයට මේ බව දන්වා ඇත්තේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ශී හේරත් ය.
ඉන් අනතුරුව මෙම පෙත්සම ලබන බදාදා (17) කැඳවීමට අධිකරණය නියෝග කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
