ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකය.
උසස්වීම් ලබා නොදීම සහ බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය මෙම වර්ජනය පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ අතර ඒ හේතුවෙන් ඊයේ දුම්රිය ගමන් වාර 80කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇත.
දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියැදුරන් මෙම වර්ජනයට එක්ව සිටින අතර තම ගැටළුවලට විසඳුම් නොලැබෙන්නේ නම් වර්ජනය අඛණ්ඩව සිදුකරන බවඑහි ලේකම් එස්.ආර්.සී.එම්.සේනානායක කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
