මාලිමාව බලය ගත්තත් ගමන  IMF සමඟ : අනුර සහතික වෙයි !

මාලිමාව බලය ගත්තත් ගමන  IMF සමඟ : අනුර සහතික වෙයි !

වත්මන්  තත්ත්වය යටතේ ජාතික ජන බලවේගය පක්ෂයට ආණ්ඩුවක් ලැබුනත් ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියට යාමට සිදුවන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සඳහන් කරයි.

දැනට  ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩපිළිවෙළතට ගිවිසුස් ගත වී ඉදිරියට ගොස් ඇති බවත් එනිසා එම ගමන ආපසු හැරවිය නොහැකි බවත් ඔහු පැවසීය .

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ  ජාතික ජනබලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියේ විද්‍යුත් නාලිකාවක් සමඟ සජීවී දේශපාලන සංවාදයක් සඳහා සහභාගී වෙමිනි.

පවතින ආණ්ඩුව විසින් පොල් ගෙඩිය භාගයට කරකවා ඇති නිසා එය ආපසු කරකැවීමට ඉඩක් නැති බවත් එසේ කළහොත් චෝදනාව දෙවන පාර්ශ්වයට ලැබෙනු ඇතැයි ද මන්ත්‍රීවරයා එහිදී පැවසීය .

කෙසේ වෙතත් මුල්‍ය අරමුදල සමග වැඩපිළිවෙළකට එළඹියේ නැති නම් වෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබූ බවද ඔහු කියා සිටි නමුත් ඒ කුමක්ද යන්න නොපැවසිණ .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න