IMF තෙවන ණය වාරිකයත් අනුමත වෙයි

IMF තෙවන ණය වාරිකයත් අනුමත වෙයි

ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමෙහි 3 වන වාරිකය සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ, ශ්‍රී ලංකාව සමග එළෙඹ ඇති මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකමේ දෙවන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් ඊයේ (12) රාත්‍රියේ අවසන් කිරීමත් සමගයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, තම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්යය සාධනය ශක්තිමත් වී ඇති බවය.

2023 දෙසැම්බර් වනවිට සමාජ වියදම් හැර අනෙකුත් ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව ද ඔවුන් පැවසීය.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ, ණය තිරසරභාවය ඇති කර ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් තවමත් ශ්‍රී ලංකා ආර්ථිකය පවතින්නේ අවදානම් කලාපයේ බවයි.

ආර්ථික නිවැරදි මාවතට ගෙන ඒම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුද පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය යටතේ, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 336ක් පමණ හිමිවීමට නියමිතයි.

මේ වනවිට ණය මුදලේ වාරික 2ක් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති අතර එහි වටිනාකම ඩොලර් මිලියන 667කි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න