උද්දිකගේ වෙඩිල්ලත් රංගනයක්ද ?

උද්දිකගේ වෙඩිල්ලත් රංගනයක්ද ?

පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා තිබෙන්නේ පොලිස් ප්‍රධානියකු බවට තොරතුරු අනාවරණය වී ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ පොලිස් ප්‍රධානියකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව  පැවසීය.

2023 වර්ෂයේ සැප්තැම්බර් 17 වැනිදා සිදුවූ මෙම වෙඩි තැබීමේ සිදුවීම හිටපු මන්ත්‍රීවරයා සහකාර පොලිස් අධිකාරීවරයකු සමග එක්ව සැලසුම් සහගතව සිදුකර ඇති බවද ඔහු  සඳහන් කළේය.

මෙම  වෙඩි ප්‍රහාරයෙන් හිටපු මන්ත්‍රීවරයා ගේ මෝටර් රථයේ පැති වීදුරුවට අලාභ හානි සිදු වූ නමුත් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදුව තිබුණේ නැත.

මෙහි විමර්ශන සිදුකළ   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබෙන්නේ ඊට  සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

සංජීව මහානාම නමැති එම සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා විදේශගත වී ඇති බවත් ඔහු විදේශගතවී ඇත්තේ පොලිසියට දැනුම්දී නිසි අවසරයකින් නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් සිදු කරන බවද ඔහු  ප්‍රකාශ කළේය.

සිදුවීමට අදාළ  විමර්ශන පැවැත්වෙන අතරතුර සහකාර පොලිස් අධිකාරිවරයා බිරිය සහ දරුවන් මෙසේ විදේශගතව ඇති බව විමර්ශනයේදී හෙළි වී ඇතැයිද ඔහු  පවසයි.

සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා කටුනායක ගුවන් තොටුපළට ගොස් සිය ගිනි අවිය කිසිවකු අතේ සේවා ස්ථානයට එවා ඇති බවටද තොරතුරු හෙළි වී ඇතැයි පැවසූ තල්දූව   ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වන බව පැවසීය .

තම ගිනි අවිය වෙනත් අයෙකුගේ යටතට පත් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවද ඔහු කීවේය.

මේ අතර සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා පසුගියදා  මැලේසියාව බලා පිටත්ව ගොස් ඇති බවද ඔහු  පවසයි.

උද්ධික ප්‍රේමරත්න 2023 පෙබරවාරි මස 27 වැනිදා  සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ අතර  ඉල්ලා අස්වීමෙන් පසු  විදේශගත විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න