බංග්ලාදේශ සිසු විරෝධතාවක් : ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර

බංග්ලාදේශ සිසු විරෝධතාවක් : ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර

බංග්ලාදේශයේ ක්‍රියාත්මක සිසු විරෝධතා අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 105ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රට පුරා පැතිර ගිය නොසන්සුන්තාව හේතුවෙන් ඇඳිරි නීතිය පනවා ඇති බවයි.

ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග හමුදා භට කණ්ඩායම් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කැඳවා ඇති නමුත් සිය විරෝධතා අඛණ්ඩව සිදුකරන බවට ශිෂ්‍ය සංගම් නියෝජිතයින් ප්‍රකාශ කර තිබේ.

විරෝධතාකරුවන් මරණයට පත්වීම සම්බන්ධයෙන් වගකීම භාර ගනිමින් අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවන් පවසයි.

ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන් ද කැඳවා තිබේ.

විරෝධතා හමුවේ එරට පොලීසිය විසින් ඩකා අගනුවර මහජන රැස්වීම් පැවැත්වීම තහනම් කර තිබුණි.

විරෝධතා ආරම්භ වුණේ, රජයේ රැකියා දීමේ විශේෂ කෝටා ක්‍රමයක් අහෝසි කිරීමට ගෙන තිබූ තීරණය යළි සක්‍රීය කරන්නැයි අධිකරණය ලබාදුන් නියෝගයක් හේතුවෙන්ය.

ලාංකික සිසුන්ගේ තත්ත්වය

බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එරට රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

එරට විශ්වවිද්‍යාල 03ක ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු පමණ අධ්‍යයන කටයුතුවල නිරත වන බව අමාත්‍යංශය පෙන්වා දී තිබේ.

බංග්ලාදේශයේ ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් විශ්වවිද්‍යාල වසා දමා තිබුණ ද විදේශීය සිසුන්ට එරටින් ඉවත් වන ලෙස දැනුම් දීමක් සිදුකර නොතිබීම හේතුවෙන් ශ්‍රී ලාංකික සිසුන් ආරක්ෂිතව නේවාසිකාගාර තුළ රැඳී සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා එම සිසුන් හමුවී පෞද්ගලිකව ඔවුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් සොයා බලා ඇති අතර සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව එම විශ්වවිද්‍යාලවල පාලනාධිකාරිය සමග ද සාකච්ඡා කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න