නිව්ටන් ගුණසිංහ ගේ සමාජ විද්‍යාත්මක අර්ථයෙන් ගතහොත් මේ මොහොත හෙවත් මාලිමාවේ ජයග්‍රහණය යනු පොදු දේපළවලින් පුද්ගලික ප්‍රතිලාභ ලැබීමට එරෙහි ජාතික සංවාදය ජයග්‍රහණය කිරීමක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
1983 වසරෙහි කළු ජූලියෙන් අනතුරුව පන්ති දේශපාලනය වෙනුවට ජාතික සටන ප්‍රමුඛ වූවා සේ මාලිමාවේ ජයග්‍රහණයෙන් පසු ලංකාවේ දේශපාලන කතිකාවෙහි ප්‍රමුඛත්වය වූයේ පොදු දේපළ පුද්ගලිකව පරිහරණය කිරීම වැරැදි යැයි පවසන මතය යැයි ඔහු වැඩි දුරටත් අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
