වාහනවල මැතිවරණ පෝස්ටර් ගලවයි

වාහනවල මැතිවරණ පෝස්ටර් ගලවයි

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ව කමිටුවක නිර්දේශ මත කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතියකින් යුතුව ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුවට උපදෙස් ලබාදීම, අධීක්ෂණය සිදු කිරීම ආදිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

හෙට (04) තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ වේ.

ඒ අනුව දිවයින පුරා සෑම පොලිස් ස්ථානයක ම වෙන ම ඒකකයක් මැතිවරණ පැමිණිලි ලබා ගැනීම සහ ඒ සම්බන්ධව ක්‍රියා කිරීමට පත් කර තිබේ.

මේ වනවිට මැතිවරණයට අදාළ ව පැමිණිලි 144ක් පොලිසියට ලැබී තිබේ.

පුද්ගලයින් 22 දෙදෙනකු ඊට අදාළව අත්අඩංගුවට ගෙන ඇතිබව පැවසීය.

මැතිවරණ ප්‍රචාරක පුවරු ලක්ෂ 02ක් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර ඇතිබව පැවසීය.

මේ අතර වාහනවල මැතිවරණයට අදාළ ස්ටිකර්ස්, පෝස්ටර්ස් වැනි ප්‍රචාරණ පුවරු වාහනය නවතා ඉවත් කිරීමට පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතිබව පැවසීය.

මැතිවරණ කාල සීමාවේ දී උපරිම සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

කිසිවෙකු ප්‍රචණ්ඩකාරී හෝ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් නීතිය දැඩි ව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න