ජනපති ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක හමුවෙයි

ජනපති ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා  අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජාගේ නිවසේදී අද (7) පස්වරුවේ සිදුවිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  යාපනයේ ජනපතිවරණ ජනරැලි දෙකක් ඇමතීම සඳහා යාපනයට පැමිණි අතරවාරයේදී මෙම හමුව සිදුවිය.

තම නිවසට පැමිණි ජනාධිපතිවරයා මාවෙයි සේනාධිරාජා  විසින් හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.

ජනාධිපතිවරයා එම නිවසට ගියේ මාවෙයි සේනාධිරාජා කළ පෞද්ගලික ආරාධනයකට අනුවයි.

ජනපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙම හමුවේදී විශේෂ සාකච්ඡාවක් සිදුව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න