ගීතා කුමාරසිංහ ඇතුළු 5ක් රාජ්‍ය අමාත්‍ය ධූරවලින් ඉවතට

ගීතා කුමාරසිංහ ඇතුළු 5ක් රාජ්‍ය අමාත්‍ය ධූරවලින් ඉවතට

වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ගීතා කුමාරසිංහ ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු එලෙස සිය ධුරවලින් ඉවත් කර ඇති බවය.

සෙසු පිරිස වන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමිත් තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී. චානක යන අය වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය ප්‍රකාරව එම ඉවත් කිරීම් සිදු කර ඇත.

රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා වෙත සහය පළකිරීමත්, අනෙකුත් රාජ්‍ය අමාත්‍යවරුන් සිව්දෙනා ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ වෙත සහය පළකරමින් ඡන්ද ව්‍යාපාරයේ නිරතවීමත් මෙසේ ඔවුන් තනතුරුවලින් ඉවත් ඉවත්කිරීමට හේතුවී ඇත.

එසේම, ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධව සිටි තවත් රාජ්‍ය අමාත්‍යවරුන් සිව්දෙනෙකු ජනාධිපතිවරයා විසින් සැප්තැම්බර් 05 වෙනිදා ඔවුන් දැරූ රාජ්‍ය අමාත්‍යධුර වලින් ඉවත් කිරීමට කටයුතු කළේය.

ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන් සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලි බල හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය අමාත්‍යවරුන් සිව්දෙනාට අමාත්‍ය ධුර අහිමිවිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න