ගීතා වෙනුවට සීතා එයි

ගීතා වෙනුවට සීතා එයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි සීතා කුමාරි අරඹේපොළ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කරනු ලැබ තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය මේ පිළිබඳව නිවේදනය කළේ ය.

අමාත්‍යවරිය මෙම ධූරය සඳහා පත් කර ඇත්තේ, ඇය දැනට කටයුතු කරනු ලබන සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව ය.

මීට පෙර එම ධුරයේ කටයුතු කළේ ගීතා කුමාරසිංහයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3) (අ) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලබාදී ඇති බලතල යටතේ ගීතා කුමාරසිංහව  ඉවත් කර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න