තවත් වසර 20ක් ගතවන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් - ජනපති

තවත් වසර 20ක් ගතවන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් - ජනපති

තවත් වසර 20ක් ගතවන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් වන බවට තාරුණ්‍යයට විශ්වාසයක් ඇති වියයුතු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ  පවසයි.

ඔහු මේ බව පැවසුවේ තිරුක්කෝවිල් හිදී අද (11) පැවති ජන හමුවක් අමතමිනි.

එම අපේක්ෂිත දියුණුව සජිත් ප්‍රේමදාසට හෝ අනුර කුමාර දිසානායකට සිදුකළ නොහැකි බවත් ඔවුන් බලයට පැමිණියහොත් පවතින් ආර්ථිකය ද කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

"නව තාක්ෂණයත් එක්ක තිරුක්කෝවිල්වල කෘෂිකර්මය අපි දියුණු කරනවා කියලා මම කියන්න කැමතියි. මුහුදෙන් ප්‍රයෝජන ගන්න ධීවර අංශය දියුණු කරන්න... මෙහෙ තියන ඛනිජ වැලිවලින් ඒ කර්මාන්තය දියුණු කරන්න.. සංචාරක ව්‍යාපාරයත් තිරුක්කෝවිල්වලට ගෙන්න... අලුත් ආර්ථිකයක් තිරුක්කෝවිල්වලට දෙන්න... මේ පළාත් සභාව තවත් ශක්තිමත් කරන්න... ඒ සංවර්ධන කටයුතු බලතල දෙන්න.... ඒකයි ඔබට දෙන්න ඕනේ අනාගතය. ඒ අනාගතය දෙන්න ඕනේ තරුණයන්ට."

"ඒගොල්ලන්ට විශ්වාසයක් තියෙන්න ඕනේ අවුරුදු 20කින් මීට වඩා හොඳ රටක අපි ජීවත් වෙනවා කියලා. වයස අවුරුදු 05යේ ළමයාට අවුරුදු 25ක් වෙනකොට හොඳ රටක් තියෙන්න ඕනේ. ඒක ලබලා දෙන්නයි අපි ක්‍රියා කරන්නේ. ඒකයි කියන්නේ ඡන්දේ දෙන්න කියලා. සජිත්ටවත් අනුරටවත් මේවා කරන්න බෑ. කතා කරන්න විතරයි පුළුවන්."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න