පැරාලිම්පික් රිදී පදක්කම්ලාභී සමිත දුලාන්ට තම මවු බලකායෙන් හරසර

පැරාලිම්පික් රිදී පදක්කම්ලාභී සමිත දුලාන්ට තම මවු බලකායෙන් හරසර

පැරිස් 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී F44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්ථාවක් තබා රිදි පදක්කමක් ජයග්‍රහණය කල බලලත් නිලධාරී II සමිත දුලාන් හට තම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය වෙතින් ඔහුව ඇගයිමේ උත්සවයක් ඊයේ (12) දින පොල්හේන්ගොඩ පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් නජීව එදිරිසිංහ සහ එම රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයන් විසින් රිදී පදක්කම්ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු, ඔහුගේ බිරිඳ සහ ඔහුගේ ක්‍රීඩා පුහුණුකරුව ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

රිදීපදක්කම්ලාභි සමිත දුලාන් සම්ප්‍රදායික සංස්කෘතික නැටුම් කණ්ඩායමක් පෙරටුකර ගනිමින් උත්සවශ්‍රීයෙන් රැස්වීම් ප්‍රදේශයට කැඳවාගෙන යන ලද අතර එහිදී ඔහු විසින් මින් පෙර ලබාගත් ක්‍රීඩා ජයග්‍රහණයන් පිළිබඳ වාර්තාමය වීඩියෝවක් ද ප්‍රදර්ශනය කරන ලදී. ඔහුගේ ජයග්‍රහණය අගයමින් කර්නල් සේනාවිධායක විසින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙනුවෙන් විශේෂ ඇගයීම් සංකේතයක්ද පිරිනමන ලදී.WhatsApp Image 2024 09 12 at 3.12.30 PM

WhatsApp Image 2024 09 12 at 3.12.31 PM

WhatsApp Image 2024 09 12 at 3.12.31 PM 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න