අනුරගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන ලක්ෂ්මන් නිපුනආරච්චිට

අනුරගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන ලක්ෂ්මන් නිපුනආරච්චිට

අනුර කුමාර දිසානායක  ජනාධිපති ධුරයට තේරීපත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි  පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.

ඒ අනුව 2020 මහ මැතිවරණයේ මනාප ලැයිස්තුව සැලකිල්ලට ගනිමින් මෙලෙස ලක්ෂ්මන් නිපුණ ආරච්චි ව පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා පත්කර ඇත.

2020 මහ මැතිවරණයේ දී ජාතික ජනබලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු ලක්ෂ්මන් නිපුණආරච්චි මනාප ඡන්ද 13, 384ක් හිමිකරගෙන තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න