ආචාර්ය වජිරා චිත්‍රසේන දැයෙන් සමුගනී

ආචාර්ය වජිරා චිත්‍රසේන දැයෙන් සමුගනී

හෙළයේ මහා නෘත්‍යාංගනාවිය වන පද්ම ශ්‍රී ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය දැයෙන් සමුගනී.

වජිරා චිත්‍රසේන මහත්මිය ශ්‍රී ලාංකේය නර්තන ක්‍ෂේත්‍රයේ ජීවමාන පුරාවෘත්තයක් වන අතර ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම බැලේ නර්තන ශිල්පිනිය ලෙස ද සැලකේ.

ඇය උඩරට නර්තන ශිල්පය සිය පූර්ණ කාලීන වෘත්තිය කරගත් ප්‍රථම සිංහල කාන්තාව ද වේ. ආචාර්ය වජිරාවන් ගේ කලා ක්‍ෂේත්‍රයේ ගමන දශක හයකට අධික වේ. ඇය ලාංකේය මුද්‍රා නාට්‍ය කලාව ලොව හමුවේ තැබු ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය ද වේ.

එලෙස ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය වෙමින්, කාන්තාවන්ගේ චරිත පිරිමින් රඟ දැක්වූ හා කාන්තාවන් ලෙසින් ඉදිරියට පැමිණි චන්ද්‍රලේඛා හා මිරියම් පීරිස් පිරිමි ඇඳුම් ඇඳ රංගනයේ යෙදුනු අවධියක,වේදිකාව මත කාන්තාවට ස්ථානයක් සහ අනන්‍යතාවයක් පළමුව අත්කර දුන්නේ වජිරා චිත්‍රසේනයන් විසිනි. වර්තමාන නර්තනවේදිනියන්ට තම කුසලතා පෙන්වීමට මඟක් සකස් කිරීමේ මූලික අඩිතාලම දැමීමේ පෙරගමන්කරුවෙක් ලෙස වජිරා චිත්‍රසේන හැදින්විය හැකියි.

හැත්තෑව දශකයේ දී වජිරා ලයනල් වෙන්ඩ්ට් වේදිකාව මත‘කරදිය’මුද්‍රා නාට්‍යයයේ‘සිසී’ලෙසත්‘නල දමයන්ති’හි‘හංසයා’ලෙසත් කළ විස්මිත රංගන පිලිබද මහැඳුරු සුචරිත ගම්ලතුන් පැවසූ ලෙස දුලබ සුරාවක් පානයෙන් ලද මිහිරක් ලෙස ට එය හැදීන්වීය.

වජිරාවන් පිළිබඳව චිත්‍රසේනයන් 1985 දී කියූ කියමනක් ඔබට මතක් කරනු කැමැත්තෙමි.

"දේශීය නැටුමට වජිරාගේ දායකත්වය ‘සුවිශාල වූ හා ඉතා ඈතට විහිදී යන්නකි. ඇයගේ නිර්මාණශීලී බලපෑම නිසැක වශයෙන්ම අනාගත ශ්‍රී ලංකාවේ නර්තන වේදිකාවට ප්‍රබල ආභාසයක් වනු ඇත."

සටහන - ආචාර්ය ධනංජය නානායක්කාර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න