බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලකත් ඉල්ලා අස්වෙයි

බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලකත් ඉල්ලා අස්වෙයි

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකරමින් ඔහු ඉල්ලා අස්වෙන බව දැනුම්දී ඇත.

2020.03.25 වන දින සිට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් තමා වෙත පැවරී තිබූ බලතල අනුව බස්නාහිර පළාතේ හා බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ උන්නතිය උදෙසා මෙන්ම බස්නාහිර ජනතාවගේ යහපත වෙනුවෙන් උපරිම ශක්තියෙන් කටයුතු කළ බව ද ඔහු අදාළ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබුණි.

එමෙන්ම 2020 හා 2021 යන වසරවල පැවති කොවිඩ් වසංගතය හමුවේ සහ පසුගිය වසර කිහිපය තුළ පැවති අර්බුදකාරී තත්ත්වයන් තුළ ජනතාවගේ ආරක්ෂාව හා සෞඛ්‍ය තත්ත්වය නඟසිටුවීම උදෙසා බස්නාහිර පළාත් රාජ්‍ය සේවයට නායකත්වය දෙමින් කටයුතු කිරීමට හැකිවීම තමා ලද භාග්‍යයක් බව ද රොෂාන් ගුණතිලක  අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න