නව ආණ්ඩුකාරවරුන් 09ක් දිවුරුම් දෙයි

නව ආණ්ඩුකාරවරුන් 09ක් දිවුරුම් දෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක  ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් අද (25) දිවුරුම් දී තිබේ.

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අබේකෝන්  පත්කර ඇත.

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායගම්  දිවුරුම්දී ඇත.

දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජ්‍යේෂ්ඨ පාරිපාලන නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර  දිවුරුම්දී තිබේ.

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය ලෙස චම්පා ජානකි  පත්කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය සඳහන් කළේ අද නව ආණ්ඩුකාරවරුන් 09 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දුන් බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න