විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරී අරඹයි

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරී අරඹයි

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.

ජනමාධ්‍ය අමාත්‍යංශයට අමතරව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශවල කැබිනට් අමාත්‍යවරයා වන්නේ ද විජිත හේරත්ය.

මෙහිදි සර්ව ආගමික පූජකවරුන්ගේ ආශිර්වාද නව අමාත්‍යවරයාට හිමිවු අතර වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍ය විජිත හේරත්  මාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.

එහිදී රට තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට කැපවී කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම, බුදුදහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියේ හිමිව තිබෙන ස්ථානය එලෙසින්ම රැක ගන්නා බව ද මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න