ඉදිරි මහ මැතිවරණය සඳහා පොදු සන්ධානයකින් ඉදිරිපත්වීමට හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සාකච්ඡා ආරම්භ කර ඇත.
ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ කොළඹ පිහිටි නිවසේදී ඊයේ (26දා) ජනාධිපතිවරණයේදී ඔහුට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාකච්ඡා පවත්වා ඇත.
හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමග ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිට්ටඹුවේදී ඊයේ සාකච්ඡා පැවැත්වූහ.
සමගි ජන බලවේගය පක්‍ෂය සමග එක්සත් ජාතික පක්‍ෂය ද ඊයේ පොදු සන්ධානයක් ලෙස ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සාකච්ඡා ආරම්භ කළ බව ආශු මාරසිංහ පැවසීය.
මෙම පොදු සන්ධානය සම්බන්ධයෙන් අද (27දා) මාධ්‍ය වෙත තොරතුරු ඉදිරිපත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක සඳහන් කළේය.
(divaina.lk - උපාලි ද සේරම්)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
