රජයේ වාහනවලට රාජ්‍ය ලාංඡනය හා ආයතනයේ නම ‍යෙදීමේ චක්‍රලේඛය බලාත්මක කරන්න යයි

රජයේ වාහනවලට රාජ්‍ය ලාංඡනය හා ආයතනයේ නම ‍යෙදීමේ චක්‍රලේඛය බලාත්මක කරන්න යයි

රාජ්‍ය ආයතනවලට අයත් වාහනවලට රාජ්‍ය ලාංඡනය යොදා එම අමාත්‍යාංශයේ, දෙපාර්තමේන්තුවේ හෝ ආයතනයේ නම යෙදවීමට අදාළ චක්‍රලේඛය යළි බලාත්මක කිරීමට රජය අවධානය යොමුකර තිබේ.

මේ සම්බන්ධයෙන් එවැනි අවධානයක් යොමුකර ඇත්තේ වාහන අවභාවිතය වැළැක්වීම සඳහා ය.

වාහනවලට රාජ්‍ය ලාංඡනය සහ අදාළ රාජ්‍ය ආයතනයේ නම යෙදීමේ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිකුත් කර ඇත්තේ 2002 වසරේදී ය.

එම චක්‍රලේඛය නිකුත්කර ඇත්තේ රාජ්‍ය ලාංඡන යෙදීම සම්බන්ධයෙන් 1992 වසරේ නිකුත් කර තිබූ චක්‍රලේඛය සංශෝධනය කරමිනි.

1992 වසරේ චක්‍රලේඛයෙන් උපදෙස් දී තිබී ඇත්තේ වාහන වලට රාජ්‍ය ලංඡනය යෙදීම සම්බන්ධයෙන් පමණි.

එම උපදෙස් ද නිසි ලෙස අනුගමනය කර නොමැති බව පෙනී ගොස් තිබෙන බව 2002 වසරේ නිකුත්කර තිබෙන චක්‍රලේඛයේ සඳහන් වෙයි.

සංශෝධිත චක්‍රලේඛයෙන් උපදෙස් දී ඇත්තේ රාජ්‍ය ලාංඡනයට අමතරව අමාත්‍යාංශයේ, දෙපාර්තමේන්තුවේ හෝ ආයතනයේ නම ද සටහන් කරන ලෙස ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න